2013-05-25

අනර්කලී නිසා රන්ජන් බෑ කියයි

බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ අලුත් චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑමට තෝරාගෙන සිටියේ රන්ජන් රාමනායක හා අනර්කලී ආකර්ෂායි. නමුත් අනර්කලී සමග රඟපෑම ප්‍රතික්ෂේප කරමින් රන්ජන් තමා ලබාගත් අත්තිකාරම් මුදල් පවා ආපසු දී චිත්‍රපටයෙන් ඉවත් වෙලා. මුහුරත් දවසේ රන්ජන් තමාව වේගයෙන් තල්ලු කළ බව අනර්කලී මාධ්‍යයට කියා තිබුණත් රන්ජන් කිව්වේ තමා ක්ෂණිකව එතැනින් පිට වන විට ඇය ඇඟේ හැපුණු බවයි. මේ දෙන්නා අතරේ ප්‍රශ්නයක් මතු වී තිබුණේ දේශපාලනය පිළිබඳ කතාබහක් නිසයි. අනර්කලී ආකර්ෂාව සිනමාවට හඳුන්වා දුන්නේද පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය තුළින් රන්ජන් රාමනායකයි. කොහොම වුණත් මේ වෙනකොට හදන්න අමාරු විදිහට ඔවුන්ගේ හිතවත්කම් නම් බිඳිලා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.