බොලිවුඩය හැඩ කළ සුරූපිණිය ඓශ්වර්යා රායි බොහෝ කාලයක් රංගනයෙන් ඈත්ව සිටියා. ඒ ඇය ආධ්යාට අම්මා වුණු නිසයි. අම්මා කෙනෙක් වුණු ඓශ්වර්යා ආරාධ්යාගේ වැඩ කටයුතු වෙනුවෙන් තමන්ගේ මුළු කාලයම වෙන් කළ බවයි වාර්තා වන්නේ. ඒත් දැන් කවුරුත් බලාපොරොත්තුවෙන් සිටින්නේ ඓශ්වර්යා නැවත තිරයේදී දකිනා දිනයක් එනතුරුයි. දැන් දැන් ලැබෙන අලුත්ම ආරංචිවලින් කියැවෙන්නේ ඓශ්වර්යා ඉක්මනින්ම නැවත රංගනයට පැමිණෙන බවයි. ඒත් ආරාධ්යාගේ සෑම දෙයක්ම තමන්ගේ අතින්ම කළ යුතු බව කියමින් සිටි ඓශ්වර්යා රංගනය වෙනුවෙන් සැලකිය යුතු කාලයක් වෙන් කිරීම ගැන නියම ලෙසම කියන්නට බැරි බවයි ඇතැමුන් කියන්නේ. ඓශ්වර්යා පවා මේ ගැන හරියටම කියා නැති නිසා ඇය චිත්රපටයක වැඩ භාර ගන්නා තුරුම ඇය රංගනයට එකතු වීම ගැන විශ්වාසය තබානොගත යුතු බවත් කියැවෙනවා.
2013-05-25
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.