2013-05-28

දකුණේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පරීක්ෂාවකට ලක්කිරීමේ සූදානමක්


දකුණු පළාතේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වහාම පරීක්ෂා කරන බව දකුණු පළාත් ලේකම් ඒ.යූ. එල්ලාවල මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන මගින් දරුවන්ට ලබා දෙන්නා වූ ආහාර නිසි ප‍්‍රමිතියෙන් තොර බවයි. නිසි පුහුණුවක් නොමැතිව ඇතැමුන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආශ‍්‍රිතව පෙර පාසල් පවත්වාගෙන යමින් සිටිනවා. ඒ හරහා දරුවන්ට නිසි අධ්‍යාපනයක් ද නොලැබෙන බවයි ඒ.යූ. එල්ලාවල මහතා පෙන්වා දෙන්නේ. ගාල්ලේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.