2013-05-28

පාදුක්ක පිටකොටුව බස් වර්ජනයක්

පාදුක්කේ සිට පිටකොටුව දක්වා ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථවල සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ තම සේවකයෙකුට එල්ල වූ ප‍්‍රහාරයකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි. තරගකාරීත්වය තුළ බස් රථ ධාවනය කිරීමේදී මෙවැනි ගැටුම් ඇති වන බවයි ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලීසියට පැමිණිලි කර තිබෙනවා. ගැටුම සමතයකට පත්කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.