2013-05-31

තායිලන්ත අගමැතිනිය අද දිවයිනට

තායිලන්ත අගමැතිනි ඉන්ග්ලක් ශිනවත‍්‍රා මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණිමට නියමිතයි. ඇය මෙරටට පැමිණෙන්නේ ශ‍්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුවයි. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ තායිලන්ත අගමැතිනිය සිය සංචාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි. එමෙන්ම දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බවයි වාර්තාවන්නේ. එමෙන්ම තායිලන්ත අගමැතිනිය අද පස්වරුවේ ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතයි. ඒ අනුව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතන 03 වැනි විදේශ අගමැතිනිය ඇය වනු ඇති.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.