2013-05-25

කුඩු රජෙක් මීගමුවේදී අත්අඩංගුවට

දීර්ඝකාලයක් තිස්සේ මීගමුව ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මක මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා. ඒ, ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදීයි. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා මත්කුඩු තොගයක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයාගැනුණා. මීගමුවේ නවාස් නමැති මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මීගමුව ප‍්‍රදේශයේ මත්කුඩු බෙදාහැරීමේ කටයුතුවල නිරත වී ඇතැයි මූලික ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවුණා. ඔහු ප‍්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන ” ෆේරෝස් ” නමැත්තාගේ සහෝදරයෙකු ද වනවා. 


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.