2013-07-10

රටින් පිට කිරීමට තැත් කළ පුරාවස්තු රැසක් අත්අඩංගුවට


මැලේසියනු නැවකට පැටවීමට වරායට ගෙන යමින් තිබූ පුරාවස්තු හා අනවසර කළුවර ගෘහ භාණ්ඩ පිරවූ අඩි හතලිහක කන්ටේනරයක් රේගු ජෛය විවිධත්ව සහ සංස්කෘතික ජාතික උරුමයන් පිළිබද ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොළොන්නරුව යුගයේ කාසි 18ක්, වී. ඕ.සී. කාසි සියයකට වැඩි සංඛ්‍යාවක්, ගෝන අනින් කළ හෙප්පු පනස් හයක් මීට අමතරව අත්අඩංගුවට ගෙන ඇත.
රේගුවට ලැබුණ බුද්ධි තොරතුරු අනුව මෙම කන්ටේනරය පරීක්ෂා කර ඇත. මේවා අපනයනය කිරීම සදහා කිසිදු අවසරයක් ගෙන නොමැති අතර එ් භාණ්ඩ අතර ගෘහ භාණ්ඩ රැසක් තිබී ඇත.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.