ඉන්දියාවේ බුද්ධගයා මහා විහාරයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවීම නිසා ඇතිවූ තත්ත්වය සැළකිල්ලට ගෙන අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ඉල්ලීම මත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් යළි ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
නා හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකදී මේ සම්බන්ධයෙන් තීරණ රැසක් ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මේ අනුව ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ සියලූ රථවාහන, ශ්‍රී මහා බෝධි මාවතේ අලූතින් ඉදිකර ඇති රථවාහන නැවතුම්පොළට ඇතුළු කෙරේ.
ප‍්‍රභූ රථගාලට විශේෂ අවසරය ලත් වාහන පමණක් ඇතුළු කිරීමට තීරණය කර ඇත.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.