2013-07-19

මේ අවුරුද්දෙත් ෆේස්බුක් පැමිණිලි වැඩිලු


මේ වසරේ ගතවූ කාලය තුළ අන්තර්ජාලය හා සම්බන්ධව ලැබී ඇති පැමිණිලි 700 ක් අතරින් වැඩි ප්‍රමාණය ෆේස්බුක් සම්බන්ධ පැමිණිළි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. ඉන් ද වැඩි සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් භාවිත කිරීම සම්බන්ධ පැමිණිලි බව ද වාර්තා වනවා. මේ අතර විද්‍යුත් තැපෑල මාර්ගයෙන් සිදුවන විවිධ ජාවාරම් පිළිබඳව ද ඉකුත්කාල සීමාව තුළ පැමිණිලි ලැබී ඇති බවත් ලැබුණු පැමිණිලිවලට අනුව ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.