2013-07-24

දයාසිරි අද ආණ්ඩුවට


ඉදිරියෙදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ මහ ඇමති අපේක්ෂකත්වය එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලිඛිතව පොරොන්දුවී ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරනවා. මේ අනුව දයාසිරි මන්ත‍්‍රීවරයා එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්වී, සන්ධානයෙන් නාමයෝජනා බාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (23) පෙරවරුවේද දයාසිරි මන්ත‍්‍රීවරයාට පවසා තිබුනේ, සන්ධානයෙන් අපේක්ෂකත්ව ලබාදුන්නද මහ ඇමති අපේක්ෂකත්වය ලබාදිය නොහැකි බවයි.
එම තත්වය යටතේ, ආණ්ඩුවට එක්වීමේ අදහස අතහැර දැමූ දයාසිරි මන්ත‍්‍රීවරයා එජාප කුරුණෑගල අපේක්ෂක ලැයිස්තුව සැකසීමට ද රවී කරුණානායක මහතා සමග එක්ව  කටයුතු කර ඇත.
දයාසිරි මන්ත‍්‍රීවරයා ආණ්ඩුවට ඒමේ අදහස අත්හැර දැමු බව ජනාධිපතිවරයාට වාර්තාවීමත් සමග, මහ ඇමති අපේක්ෂකත්වය දෙන බවට ලිඛිතව දැනුම්දී තිබේ.
තමා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශය කර මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්වන බව දයාසිරි මන්ත‍්‍රීවරයා, එජාප කොළඹ දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතාට දැනුම්දී ඇති බවද වාර්තා වනවා.
දයාසිරි මන්ත‍්‍රීවරයා එජාපය තුල රඳවා ගැනීමට රවී කරුණානායක මහතා පසුගිය දින කිහිපයේ විශේෂ මැදිහත්වීමක කර තිබිණ. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.