2013-07-24

මිනුවන්ගොඩ 13කට ස්ථාන මාරු - මාදම්පේ දෙදෙනෙකුගේ වැඩ තහනම්


මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් 13 දෙනෙකුට අද සිට ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. උප පොලිස් පරික්‍ෂකවරයෙකු, සැරයන්වරුන් 04 දෙනෙකු, කොස්තාපල්වරුන් 07 දෙනෙකු සහ ආරක්‍ෂක සහයකයෙකු එම පිරිසට අයත්. ඔවුන්ට ස්ථාන මාරු ලබා දි තිබෙන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේම වෙනත් පොලිස් ස්ථානවලටයි. මේ අතර මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද මීට සතියකට පමණ පෙර ස්ථාන මාරුවිමක් ලබා දුන්නා. තවත් නිලධාරීන් තුන් දෙනෙකුට වැඩ තහනම් කෙරුණු අතර ඊට හේතුවුයේ පොල්වත්ත සුභද්‍රාරාම විහාරස්ථානයේ මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් ඇතිවු මහජන කැලඹිමක්.
මේ අතර මාදම්පේ පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකුගේ සහ සැරයන්වරියකගේ සේවය අත්හිටුවා තිබෙනවා. අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පලායාම සම්බන්ධයෙන් ඔවුන් චෝදනාවට ලක්ව සිටිම ඊට හේතුවයි. එලෙස පලාගිය සැකකරු හෙරොයින් සන්තකව සිටිය දී ඉකුත් 21 වැනිදා අත්අඩංගුවට ගැනුණු අයෙක්. මාදම්පේ පොලිස් ස්ථානයේ රඳවා සිටිය දී ඉකුත් 22 වැනිදා ඔහු පලා ගිය අතර එදිනම රාත‍්‍රියේ ඔහු නැවත අත්අඩංගුවට ගත් බව පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පවසනවා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.