2013-07-29

ඇමැති මර්වින්ගේ පුත් මාලකට මහ දවල් වට කර පහර දෙයි


ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතාට පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු මේවන විට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. මේ හේතුවෙන් තුවාල ලැබූ මාලක සිල්වාගේ මුහුණට හානී සිදුවී ඇති බැවින් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට මේවන විට යොමු කර ඇතැයි අදාළ පුද්ගලික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද දහවල් කොළඹ ටවුන් හෝල් හි පිටිහි ඔඩෙල් ආයතනයේ රථවාහන අංගනයේදී මෙම ගැටුම හටගෙන ඇති බවත් ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසිවෙකු විසින් පැමිණිලි කර ඇති බවත් පොලීසිය පවසනවා. මෙහිදී මුහුණට කමිසයක් දමා පහරදීම සිදුකළ ඇති බවත්, තියුණු ආයුධයක්ද පහරදීමට භාවිතා කර ඇති බවත් වාර්ථා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකරීවරුන් දෙදෙනෙකු යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන් වනවා.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.