2013-07-30

බාලවයස්කාර දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ රුවන්වැල්ලේ වෙදා අල්ලයි


රුවන්වැල්ල ප්‍රදේශයේ ආයුර්වේද කැඬුම් බිඳුම් මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගීය ස්ථානයක සිටි පාසල් යන බාල වයස්කාර පිරිමි දරුවන් හයදෙනකු අපයෝජනයට ලක්කර ඇතැයි කියන ආයුර්වේද වෛද්‍යවරයකු රුවන්වැල්ල පොලිසිය මඟීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ළමාරක්‍ෂක අධිකාරිය විසින් කරන ලද දැනුම්දීමක් මත අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මේ ස්ථානය වැටලූ පොලිසිය එහි සිටි පිරිමි ළමයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 
මේ වැටලීම සිදුකිරීමෙන් පසු එම කැඩුම් බිඳුම් වෛද්‍ය මධ්‍යස්ථානය සහ නිවෙස වසා දමා පලාගොස් සිටියදී සැකකටයුතු වෛද්‍යවරයා පෙරේදා සවස අත්අඩංගුවට ගත් බව රුවන්වැල්ල පොලිසිය පැවැසීය. පොලිසිය භාරයට ගන්නා ලද 13-16 වියේ පසුවන ළමයින් හයදෙනා කෑගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත. සැකකටයුතු කැඩුම් බිඳුම් වෛද්‍යවරයා රුවන්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.