2013-07-27

නීති විරෝධිව රැදී සිටි තමිල්නාඩු ජාතිකයෙකු අත්අඩංගුවට


සංක‍්‍රමණික නීති උල්ලංඝනය කරමින් මෙරට රැදී සිටි තමිල්නාඩු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තමිල්නාඩුවේ සිට මෙරටට පැමිණ ඇති ඔහු තිස් හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු අත්අඩංගුවට පත්වූයේ අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් සිටියදීයි. ඔහු සංචාරක වීසා මගින් දිවයිනට පැමිණි අයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. සැකකරු අද අක්කරෙයිපත්තුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.