ඔස්ටේ්රලියාව සහ පැපුවානිව්ගිනියාව අතර අත්සන් කළ ගිවිසුම හේතුවෙන් නීතිවිරෝධී සංක්රමණිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලූ මතුකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරනවා. නිවේදනයක් නිකුත් කරමින් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ මෙම ගැටලූව සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් මෙතෙක් ප්රතිචාරයක් ලැබී නොමැති බවයි. දේශපාලන රැුකවරණ පතන්නන්ගේ ඉල්ලූම්පත් සලකාබැලෙන පැපුවානිව්ගිනියාවේ අධිකරණ පද්ධතියේ බරපතළ අඩුපාඩු පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
දේශපාලන රැුකවරණ පතන්නන් පිළිබඳ ඔස්ටේ්රලියාවේ නව ප්රතිපත්ති මගින් එවැනි පුද්ගලයන් ලබාදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්රමිතීන් නොසලකාහැර ඇති බවට ද චෝදනා එල්ල වනවා. ඉකුත් දා ඔස්ටේ්රලියාව විසින් එළැඹුණු නව ප්රතිපත්ති මගින් කියැවුණේ බෝට්ටු මගින් පැමිණෙන කිසිදු නීතිවිරෝධී සංක්රමණිකයෙකුට තම රටතුළ දේශපාලන රැකවරණ ලබානොදෙන බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.