නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක් දණ ගැස්වු බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආනන්ද සරත් කුමාර මහතාට නීතිපතිවරයා විසින් අද අධිචෝදනා ගොනුකරනු ලැබුවා. ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට අදාල නඩුව හලාවත මහාධිකරණයේදී මින් ඉදිරියට විභාග කළයුතු බවයි නීතිපතිවරයා නියෝග කර තිබෙන්නේ. නීතිවිරෝධී බලපෑම් එල්ල කිිරිමේ චෝදනාව යටතේ ආනන්ද සරත් කුමාර මහතාට නීතිපතිවරයා විසින් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා. ගුරුවරියක් දණ ගැස්වු බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් ආනන්ද සරත් කුමාර මහතා පළමුව අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පසුව ඔහුට ඇප ලබාදීමටයි අධිකරණය තීරණය කළේ. එහෙත් ඇප කොන්දේසි උල්ලංගණය කරමින් අදාල ගුරුවරියට සහ ඇගේ ස්වාමියාට තර්ජනය කිරීම හේතුවෙන් සැකකාර සරත් කුමාර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
2013-08-01
නවගත්තේගම ගුරුවරියට දණගැස්වූ හිටපු මන්ත්‍රීට අධිචෝදනා
Tags
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.