කුරුණෑගල දිස්ත්‍රික්කයට හැමදාම ප්රචණ්ඩත්වය ගෙනාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි. සන්ධානයේ කිසිදු අපේක්ෂකයකුට මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කිරීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ඉඩ නොදෙන බවටද ඔහු චෝදනා කරයි.
‘‘සන්ධානයේ කිසිම කෙනෙකුට පෝස්ටර් ගහන්න ඉඩක් නැහැ. උදේ වෙන කොට බීමත් මැරයින් ඇවිත් පෝස්ටර් ඉරා දමනවා’’ යැයිද සාලින්ද දිසානායක ඇමතිවරයා පවසයි.
සාලින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ කුරුණෑගල ඇති වූ ගැටුමකදී තුවාල ලබා රෝහල් ගත කර සිටින ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජනිස) ප්‍රසාද් කුමාර රත්නායක මහතාගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේදීය.
සන්ධානයේ පළාත් සභා අපේක්ෂිකා මංජුලා දිසානායක මහත්මියගේ ප්රචාරක කටයුතු කරමින් සිටියදී තමන් ඇතුළු පිරිසකට, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ පුත්, සන්ධානයේ අපේක්ෂක ජෙහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් පැමිණ පහර දුන් බව ප්‍රසාද් රත්නායක මහතා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ තමන්ගේ පුතා මීට සම්බන්ධ නැති බවයි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.