2013-08-19

ෆොන්ටෙරා සමාගමට එරෙහිව තව නඩුවක්

නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව  අධිකරණ නියෝගක් තිබීයදී එම සමාගම විසින්  මහජනතාව නොමග යවන  සුළු අත් පත්‍රිකා  බෙදා හැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකැර ඇති බැවින් ඒ පිළිබඳව අධිකරණයට අපහාස නඩුවක්  ඉතා ඉක්මනින්ම පනවන බව  නීතීඥ උපුල් ජයසුරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

උපුල් ජයසුරිය මහතා  මෙසේ  දැනුම් දුන්නේ  ගෘහ නිර්මාණ ශිල්පියකු  ෆොන්ටෙරා සමාගමට එරෙහිව ගොනු කළ  රිට් පෙත්සම  කැඳවු අවස්ථාවේදීය.
මේ අතර ෆොන්ටෙරා බ්‍රෑන්ඩික් (ලංකා) සමාගම මගින් මෙරටට ගෙන්වනු ලබන කිරිපිටි සියයට සියයක්ම පරිපූර්ණ බවට පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ දැන්වීම් පළ කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය සැප්තැම්බර් තුන් වැනි දින දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම අතුරු නියෝගය දීර්ඝ කරනු ලැබුවේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව ගෘහ නිර්මාණ ශිල්පයකු යොමු කළ රිට් පෙත්සමක් යළි සලකා බැලූ අවස්ථාවේදීය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.