වාරියපොල, කොස්වත්ත ප්‍රදේශයේදී පැහැර ගනු ලැබ, පසුව අනුරාධපුරයෙන් හමුවු කෝටිපති ව්‍යාපාරිකයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. අදාල පැහැර ගැනීම ඔහු විසින්ම සැලසුම් කළ එකක් යැයි තොරතුරක් ලැබී තිබීම ඊට හේතුවයි.
මුලින් පළවු වාර්තාවන්ට අනුව අදාල පැහැර ගැනීම සඳහා ජිප් රථයක් යොදා ගැනුණු බව ප්‍රකාශ කෙරුණා. එහෙත් එකී පැහැර ගැනීම සිදුවුයේ බස් රථයකින් බවයි පැහැර ගැනුණු ව්‍යාපාරිකයාගේ ඥාති පුත්‍රයෙකු පසුව ප්‍රකාශ කර තිබෙන්නේ. තවද ඔහු නිදහස් කෙරුණේ අනුරාධපුරයේදී බව මුලින් ප්‍රකාශ කෙරුණත් ඥාති පුත්‍රයා පසුව ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන්නේ මන්නාරමේ දී ඔහු මුදා හැරුණු බවයි.
තවද වයඹ පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගවැද සිටින දයාසිරි ජයසේකර මහතා ඉකුත් දිනවල ගමන් කළ හමර් රථය මෙම ව්‍යාපාරිකයාට අයත් බව ද ඉකුත් දිනවල දී අනාවරණ වුණා. කෙසේවෙතත් වයඹ පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ම තරග වැද සිටින ජොහන් ප්‍රනාන්දු මහතාට ද ඔහු සහය දි ඇති බවයි වාර්තා වන්නේ. ඔහු විසින් පැහැර ගැනීමක් සැලසුම් කර තිබෙන්නේ සිය ප්‍රතිරූපය නංවා ගැනීමට බවට පොලිසිය සැක කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.