2013-08-02

යතුරු පැදි ගණිකාවක් කඩවතදී අල්ලයි


කලක සිට ජංගම ගණිකා ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සුරූපී තරුණියක් පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කඩවත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් උපාය දූතයෙකු යෙදවීම මගිනි.
මෙම කාන්තාවට පොලිස් උපාය දූතයා දුරකථන ඇමතුමක් දුන් සැනින් ඇය යතුරු පැදියකින් කඩවත ලැගුම් හලකට පැමිණ තිබේ.
සැකකාරිය මාකොළ ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර ඇය දුරකථනය මගින් සිය ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.