සබරගමුව පළාත තුළ ඉරිදා උදය වරුවේදී උපකාරක පන්ති කිහිපයක් පැවැත්වීම සඳහා ටියුෂන් ගුරුවරුන් පිරිසක් අවසර ඉල්ලීමත් සමඟ ආන්දොලනාත්මක තත්ත්වයක් උදාවී තිබේ.
පළාත් සභාව සම්මත කරගත් ප්‍රඥප්තියකට අනුව ඉරිදා උදේ උපකාරක පන්ති තහනම් කර ඇති බවත්, නැවැත එම ප්‍රඥප්තිය සංශෝධනය කළහොත් මාරාන්තික උපවාසයක් සිදුකරන බවත් රත්නපුර ශාසනාරක්‍ෂක බල මණ්ඩලය ප්‍රකාශ කිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව තිබේ. ඒ සම්බන්ධව දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලය පසුගියදා රැස්වීමක් කැඳවා තිබිණි.
දහම් පාසල් අධ්‍යාපනය විනාශ කිරීමට ගන්නා උත්සාහයට විරුද්ධ වන බවත්, ටියුෂන් පන්ති ඉරිදා උදය වරුවේ සහ පෝය දිනවල හැරුණු විට පැවැත්වීම පිළිබඳ විරෝධයක් නැතැයිද එහිදී පැවැසිණි. සබරගමුව පළාත තුළ ඉරිදා දිනවල උදය වරුවේදී උපකාරක පන්ති පැවැත්වීම ගැන උද්ගතවී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් පළාත් සභා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ අතර දේශකවරුන්ගේ සංගමය රත්නපුර සමුදි ශාලාවේ පැවැති රැස්වීමකදී ඉරිදා දිනවල උදය වරුවේ පන්ති කිහිපයක් පැවැත්වීම සඳහා පළාත් අධ්‍යාපන ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.
පහ වසර ශිෂ්‍යත්වය, උසස් පෙළ, 13 වසර සහ සාමාන්‍ය පෙළ 11 වසර පන්ති සඳහා උපකාරක පන්ති පැවැත්වීමේ හැකියාව ගැන සලකා බලන බවට එහිදී පළාත් අධ්‍යාපන ඇමැති භානු මුණිප්‍රිය මහතා සඳහන් කර ඇත.
පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයකට එළැඹෙන බවද පළාත් අධ්‍යාපන ඇමැතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කළේය.
එම සාකච්ඡාවෙන් පසුව රත්නපුර දිස්තික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයද රැස්වීමක් කැඳවූ අතර සබරගමුව පළාත් සභාව සම්මත කරගත් ප්‍රඥප්තිය සංශෝධනය කළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.