2013-08-29

පිල්ලෙට බැහැ රජයට නියෝග දෙන්න - ඇමැති නිමල් සිරිපාල කියයි


එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියට මෙහි පැමිණ කළ හැකි භූමිකාවෙන් පිට රජයට නියෝගදීමේ හැකියාවක්‌ නැති බවත් ඇය කරන නියෝග පිළිගැනීමට සූදානම් නැති බවත් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
පිල්ලේ මහත්මියට මෙහි පැමිණ නිදහසේ අවශ්‍ය ඕනෑම විමර්ශනයක්‌ කිරීමටත්, කරුණු සොයා බැලීමටත්, මුණගැසීමට අවශ්‍ය සියලු දෙනා මුණගැසීමටත් අවස්‌ථාව ලබාදී ඇති බව පැවැසූ ඇමැතිවරයා මෙමගින් ශ්‍රී ලංකාවේ අවංක භාවය බොහෝදුරට තහවුරු වන බවත් කීවේය.
ඇයගේ පැමිණීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක්‌ බවත් ඇයගේ පැමිණීම නිසා අන්තර් ජාතික තලයට මින්පසු අප රටට විරුද්ධව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීමට නොහැකි වන බවත් පැවැසීය.
රටේ සිටින කේලාම්කාරයන්ටද ඇය හමුවී කේලාම්කීමට අවස්‌ථාව ලබාදී තිබෙන බවත් කේලාම්වලට රජය බය නැති බවත් පැවැසූ ඇමැතිවරයා පිල්ලේ මහත්මියගේ පැමිණීම විශේෂ සිද්ධියක්‌ නොවන බවත් සඳහන් කළේය.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.