2013-09-03

කුඩු කිලෝ 262 පිටුපස ලෝක කුඩු ජාවාරම්කරුවෙක් - පරීක්ෂණවලට පකිස්ථාන් පොලීසියත් ළඟදීම


ආසියාවෙන් සොයාගනු ලැබූ විශාලතම මත්කුඩු තොගය සේ සැලකෙන පසුගියදා රේගුව මගින් අත්අඩංගුවට ගනුලැබූ කුඩු තොගය පිළිබඳව පාකිස්‌තානු ජාතික සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) උපදෙස්‌ පරිදි පාකිස්‌තානු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ළඟදීම මෙහි පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඉන්පසුව ඔවුන්, ශ්‍රී ලංකා පොලිසියත්, ශ්‍රී ලංකා රේගුවත් සමඟ ඒකාබද්ධව දීර්ඝ වශයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අදහස්‌ කර සිටිනවා.
කුඩු තොගය සම්බන්ධව පාකිස්‌තානු ජාතික සැකකරු සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිලෝ 262 කට ආසන්න මෙම අතිවිශාල මත්කුඩු තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සම්පූර්ණ සහාය ලැබී ඇති අතර මෙම සැකකරුවන්ගෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශ තවදුරටත් ප්‍රශ්න කරගෙන යනවා.
පාකිස්‌තාන් ජාතික සැකකරු ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා බව ද කියති. මෙම මත්කුඩු තොගය සොයාගැනීමෙන් පසු ඊයේ කොළඹ නගරය තුළ මත්කුඩු ජාවාරම් බොහෝදුරට පාලනය වී ඇති බව දැනගැනීමට ලැබී ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.