එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා මාතර මූලස්ථාන පොලීසියට මීට ටික වේලාකට පෙර භාරවී කිබෙනවා. මේ වනවිට ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව පොලිසිය පවසනවා.
මංගල සමරවීර මන්ත‍්‍රීවරයා සමඟ මාතර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේතු මන්ත‍්‍රී සහ දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවධායක එච්.ආර්. විමලසිරි මහතා, බලපිටිය එජාප සංවිධායක නීතිඥ කමල් ජයන්ත සොයිසා මහතා ද පොලීසියට භාරවිය.
එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර පසුගිය දා මාතර දී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම අධිකරණ නියෝගයක් ඊයේ නිකුත් කළේ ය. මාතර දී ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම නියෝගය නිකුත් කෙරිණ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.