2013-10-04

සරසවි සිසුන් පනස්තුන් දෙනෙකු රිමාන්ඞ්

අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත් සමන්තුරේ ව්‍යාවහරික විද්‍යා පීඨයේ සහ ඔලූවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමේදී අත්අඩංගුවට ගැනුණු සිසුන් පනස්තුන් දෙනා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, සමන්තුරේ වැඩබලන මහේස්ත‍්‍රාත් පී එම් නෂීල් මහතාගේ නියෝගයකට අනුවයි. මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ අදාළ සිසුන් පනස්තුන් දෙනා ලබන අට වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. නේවාසිකාගාර ගැටලූවක් මුලූ කරගනිමින් ඊයේ පස්වරුවේ මෙම ගැටුම ඇති වුණා. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර සිසුවියන් සිවු දෙනෙකු ද සිටිනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.