දුම්මලසූරිය වීරකොඩියාන ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදු වූ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වන විට හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. වීරකොඩියාන ප‍්‍රදේශයේ ආරක්ෂක රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් එම මාර්ගයේ පැමිණි යතුරුපැදියක් නතර කරන ලෙසට අණකර තිබෙනවා. එහෙත්, අදාළ යතුරුපැදිකරු අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. පසුව යතුරුපැදිකරු පොලිස් නිලධාරීන් සිටි ස්ථානයට පැමිණ ඔවුනට පහරදී තිබෙනවා. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා තම ආරක්ෂාව සඳහා යතුරුපැදිකරුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. යතුරුපැදිකරුගේ පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාද කුලියාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියා.
2013-10-08
දුම්මලසූරියේ වෙඩි තැබීමක් - අයෙකුට තුවාල - පොලීසියේ දෙදෙනාත් රෝහලේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.