2013-10-08

චේ ගුවේරාගේ 87 වැනි සැමරුම අද

කියුබානු විප්ලවයේ අද්විතීය නායකයෙකු මෙන්ම මානව හිතවාදියෙකු වු චේ ගුවේරාගේ 87 වැනි සැමරුම අදට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් 
ශ‍්‍රී ලංකාවේද විවිධ සංවිධාන සහ දේශපාලන පක්‍ෂ සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා. ශ‍්‍රී ලංකා කියුබා මිත‍්‍ර සංගමය සංවිධානය කරන සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ හොරණ මොරගහහේන යහලකැලේ වතුයායේ චේ ගුවේරා රෝපණය කළ වෘක්ෂය අසලදියි. අමාත්‍යවරුන් වන ඩිව් ගුණසේකර, රත්නසිරි වික‍්‍රමනායක, තිස්ස විතාරණ සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළු මැතිඇමතිවරුන් රැසක් එම අවස්ථාවට සහභාගී වනු ඇති. 
මේ අතර සමාජවාදී තරුණ සංගමය කොළඹ සිට වව්නියාව දක්වා මෝටර් සයිකල් සවාරියක් චේ සැමරුම වෙනුවෙන් සංවිධාන කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.