වසර 17ක් විපක්ෂයේ සිටිමින් මැතිවරණ 27කින් පරාජය ලබා සිටින එක්සත් ජාතික පක්ෂයට මෙන්ම බහුතර ජන අප්‍රසාදයක් දිනා ඇති රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් පන්නා දැමීම සදහා පැරැදුණා ඇති එජාපයට නව නායකත්වයක් තේමාව යටතේ අද එළැඹෙන සුබ මොහොතින් දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අභියසින් පා ගමන ආරම්භ කෙරේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම රනිල් විරෝධී විවිධ සමිති සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු විශාල ජනකාකගේ සහභාගිත්වයකින් ඇරඹෙන මෙම පා ගමන අද පස්වරු වන විට වැලිගම දක්වාද හෙට (6දා) උදේ වැලිගම වැලිගම සිට ගාල්ල දක්වාද 7 වැනිදා ගාල්ලේ සිට හික්කඩුව දක්වාත් 8 වැනිදා හික්කඩුවේ සිට කොස්ගොඩ දක්වාත් 9 වැනිදා කොස්ගොඩ සිට කටුකුරුන්ද දක්වාත් 10 වැනිදා කටුකුරුන්දේ සිට මොරටුව දක්වාත් 11 වනදා මොරටුවේ සිට කොළඹ කරාද ළඟාවීමට නියමිතය. මෙම පාගමන කඩාකප්පල් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා, මංගල සමරවීර, තිස්ස අත්තනායක ඇතුළු සිය ගෝල බාලයන් සමග කවර උප්පරවැට්ටි බාධා යෙදුවද ඔහු නායකත්වයෙන් ඉවත් වී ඒ බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරන තුරු මේ සටන නොනවත්වන බව එහි සම සංවිධාකයන් වූ දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක යන මහත්වරු අවධාරණය කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.