2013-10-06

රනිල්ට එරෙහි මහා පාගමනට අධිකරණයෙන් වාරණ - අධිකරණ නියෝගයට හිසනමමින් පා ගමන නවතයි

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොළඹ බලා ගමන් ගත් පාගමනින් මහජන කැළඹිලි වීමට ඉඩ ඇතැයි කියමින් නිකුත් කළ තහනම් නියෝගය බාර දෙන්නටත් කලින්ම පෙළපාළිකරුවන් 60ක් 70වක් පමණ මාතර කඹුරුගමුව වැව අසලදී දිවා ආහාරය ගැනීමෙන් පසු විසිර ගිය බව පොලිසිය පවසනවා.
මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාගෙන් ලබාගත් තහනම් නියෝගය රැගෙන මාතර පොලිසිය එහි යනවිටත් පෙළපාළියක් එහි නොතිබිණි. උදේ ආරම්භ වු පෙළපාළියට 500ක් පමණ සහභාගී වු අතර සිව් වරක්ම  පහර කෑමට ලක්විය. මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 5 දෙනෙක් ඇතුළු අට දෙනෙක් තුවාල ලද බව වාර්තා වනවා.
හමුදා සෙබළෙක් ද නගර සභා සේවකයෙක් ද තුවාල ලැබූවන් අතර වනවා.
මේ අතර මෙම පාගමන නැවැත්වීම සම්බන්ධයෙන් අප මෛත්‍රී ගුණරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ඉතාමත් සාමකාමිව ආරම්භ කළ පාගමනකට ස්ථාන කිහිපයකදී පහරදීම් කළත් දිගට මෙය පවත්වාගෙන යාමට සූදානමින් සිටි බවයි. එහෙත් පොලීසිය මාතර අතිරේක මහේස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයට ගරු කරමින් පා ගමන නවතා දැමීමට තීරණය කළ බවයි. තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිසක් බැවින් ගරු අධිකරණයට හිස නමන බවද ඒ මහතා පැවසුවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.