2013-10-07

ශ්‍රි ලංකාවට ක්‍රිකට් උගන්වන්න හය දෙනෙක් පෝලිම් වෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ජාතික පුහුණුකරු ධූරයට අයදුම්පත් හයක් ලැබී ඇතැයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා උපුටා දක්වමින් ක‍්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසනවා. වත්මන් පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝට් ලබන ජනවාරි මාසයේ සිට එම ධූරයෙන් විශ‍්‍රාම යාමට නියමිතයි. එයින් ඇතිවන පුරප්පාඩුව සඳහා අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා. එලෙස අයදුම්පත් ඉදිරිපත් කළ අය අතරින් එක් අයෙකු වන්නේ ශ‍්‍රී ලංකාවේ හිටපු සහය පුහුණුකරුවෙකු වන පෝල් ෆාර්බ්‍රේස්. ශ‍්‍රී ලංකාවේ හිටපු භෞත චිකිත්සකවරයෙකු වන ෂේන් ඩෆ් සහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේද අයදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.