2013-10-07

විග්නේෂ්වරන් ජනපති ඉදිරියේ මහඇමැති තනතුරට දිවුරුම් දෙයි

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ සී වී විග්නේෂ්වරන් මහතා අද දිවුරුම් දුන්නා. ඒ, කොළඹ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදීයි. මහා සංඝරත්නය ඇතුලූ පූජ්‍ය පක්ෂයද, අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා සහ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුද උතුරු පලාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග මහතාද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. 









No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.