2013-10-05

හොංකොං සුපර් සික්සස් අවලංගු කෙරේ

හොංකොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මෙවර නොපවත්වන බව හොංකොං ක‍්‍රිකට් සම්මේලනය පවසනවා. ඊට විවිධ හේතූන් ඉදිරිපත් වුවත්, ප‍්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ අනුග‍්‍රහකයන් සොයාගැනීමේ දුෂ්කරතාවයි. හොංකොං හි පෞද්ගලික ආයතන බොහෝමයක් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදී සිටිනවා. ඒ අනුව තමන්ට අනුග‍්‍රහය ලබාදෙන්නැයි රජයෙන් ද ඉල්ලීමක් කළ බවයි හොංකොං ක‍්‍රිකට් සම්මේලනය පවසන්නේ. එහෙත් එකී ඉල්ලීම ප‍්‍රතික්ෂේප වී තිබෙනවා. කෙසේවෙතත් මෙම ආර්ථික දුෂ්කරතා ජයගෙන ලබන වසරේ සිට හොංකොං සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය නැවත ආරම්භ කරන බවයි හොංකොං ක‍්‍රිකට් සම්මේලනය අවධාරණය කරන්නේ. එම ක‍්‍රිකට් තරගාවලිය 1992 වසරේ සිට 1997 දක්වා අඛණ්ඩව පැවැත්වුණු අතර, නැවත 2001 වසරේ සිට ඉකුත් වසර දක්වාම අඛණ්ඩව පැවැත්වුණා. ඉකුත් වසරේදී එහි ශූරතාව දිනාගත්තේ දකුණු අප‍්‍රිකාවයි. ශ‍්‍රී ලංකාව 2007 වසරේදී එහි ශූරතාව දිනාගත් අතර, 2004 සහ 1993 යන වසරවලදී අනුශූරයන් වුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.