මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පුවට බටහිර දෙසින් මහ කැලයේ පිහිටි කොටි භූගත බංකරයක් 3 වනදා පුපුරවා හළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසනවා.
කොටි නායක ප්රභාකරන්ගේ භූගත බන්කරය පිහිටියේ ද මෙම ප්‍රදේශයේයි. මහල් තුනකින් සමන්විත මෙම බංකරයේ සිට හදිසියක දී උමං මාර්ගයකින් ඉන් එළියට යා හැකිව තිබිණි.
‘කොටි බංකර කිහිපයක් ඉවත් කළා. මේ බංකරය අවට බිම්බෝම්බ බල දමා තිබුණු නිසයි පුපුරවා හරින්න ප්‍රමාද වුණේ. එහෙම නැතිව පුපුරවා හැරියානම් කම්පන තරංග නිසා වටේ තියන අනෙක් බෝම්බත් පිපිරෙන්න ඉඩ තිබෙනවා. එම බෝබ්බ ඉවත් කර ඉවර කළේ ගිය සතියේ. කොටි සෙවනැලි තවත් තියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඒවා ඉවත් කරනවා. පුදුකුඩුඉරුප්පු බටහිරින් පිහිට මෙම බංකර කොටි නායකයාගේම ද කියා හරියටම කියන්න අමාරුයි. නමුත් කොටින්ගේ බංකරයක් තමයි.
මහල් තුනකින් සමන්විත මෙම බංකරයේ විට හදිසියක දී උමං මාර්ගයකින් ඉන් එළියට යා හැකිව තිබිණි. බංකරය ඉදිරිපිට ප්රභාකරන් ඔවුන්ගේ විරුවන් ඇමැතීමේ මණ්ඩපයක් ද විය.
එම බංකරය ඉදිරිපිට මුරපොළවල වූ ආරක්ෂක කුටි වානේ තහඩුවලින් සවි ගන්වා තිබිණි. ප්රභාකරන්ගේ වාහනය එම නිවසට ඇතුළු කිරීමේ පහසුකම් ද එහි විය.
බංකරය වටා කටු කම්බි වැටවල් හතක් විය. එක් වැටක සිට අනෙක් වැටක දුර ප්‍රමාණය මීටර් 20ක් 25ක් පමණ විය. ඒ හැම වැටකම මුර කපොලුවල තෝරා ගත් සන්නද්ධ කොටි ආරක්ෂාවට සිටියහ.
ප්රභාකරන්ගේ බංකරය බැලීමට පසුගිය කාලයේ බොහෝ පිරිසක් ගිය අතර මීට සති කිහිපයකට පෙර එය නවතා දැමිණි.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.