2013-10-05

සිසුන් පහක් අපයෝජනය කළ විදුහල්පති රිමාන්ඩ්

පාසල තුළදී බාල වයස්කාර පාසල් දරුවන් පස් දෙනෙකු අපයෝජනයට ලක් කළ බැව් කියන විදුහල්පතිවරයකු මෙම මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා පසුගිය 3 වනදා නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධානාගාර ගත කරන ලද්දේ ගාල්ල හවුපේ කනිටු විද්‍යාලයේ විදුහල්පති එම්..කේ. සරත්වීර නමැත්තෙකි. 
2011 නොවැම්බර් මාසයේ පාසල තුළදී සැකකාර විදුහල්පතිවරයා මෙම බාල වයස්කාර පිරිමි දරුවන් පස් දෙනා අපයෝජනයට ලක්කර ඇති බව අහංගම පොලීසියට පැමිණිලි ලැබී තිබිණි.
මෙම දරුවන් පස් දෙනාගෙන් තිදෙනෙකු  එකම පවුලේ සහෝදරයන් බව හෙළිවී තිබෙනවා. 
සැකකාර විදුහල්පතිවරයා නීතිඥවරයකු මගින් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මෙසේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.