2013-10-09

හෙල්ලයෙන් ලොව ජය ගන්න යුද හමුදාව නදීකාට අනුග්‍රාකයෙක් සොයා දෙයි

ජාතික හෙල්ල විසිකිරීමේ ශූරී නදීකා ලක්මාලිට පුහුණු කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යෑමට අවශ්‍ය ස්ථීර අනුග්‍රාහකයකු ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනාව ක්‍රියාකර තිබේ. ඒ අනුව බ්ලැක්ස්ටෝන් ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ සභාපති බුද්ධික කදුරුගමුව මහතා මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත්ව ඇත‍. යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා‍ගේ උපදෙස් පරිදි ස්වෙච්ඡා බලසේනා විධායක මේජර් ජෙනරාල් එස්.ඒ.පී.පී.සමරසිංහ මහතා මේ කටයුත්ත සඳහා මුල්විය.
යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවේ කාන්තා බලකායේ නිලධාරිනියක වන නදීකා ලක්මාලි පසුගියදා නිමාවු ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී ‍ශ්‍රේණිගත කිරීම්හී ලොව 12වැනි ස්ථානයට පත්විය.
නදීකාගේ දක්ෂතාව අගයමින් ඇය මුහුණදුන් මුල්‍යමය ගැටළු විසඳාගෙන පුහුණු කටයුතු නොකඩවා කරගෙන යෑම සඳහා මුල් අදියරේදී මාස 5ක කාලයකට අවශ්‍ය රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමෙන අතර එහි ප්‍රථම වාරිකය පිරිනැමීම පසුගියදා කොස්ගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේදී සිදුවිණි.
ඊට අදාළ චෙක්පත බුද්ධික කදුරුගමුව මහතා අතින් නදීකා ලක්මාලීමට පිරිනැමුණු අතර එම අවස්ථාවට ස්වෙච්ඡා බල සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එස්.ඒ.පී.පී.සමරසිංහ, නි‍යෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්.ඩී.එල්.පී.වික්‍රමසිංහ හා ප්‍රධාන මාණ්ඩලික ‍බ්‍රිගේඩියර් ඩබ්.ඒ.එන්.එම්.වීරසිංහ මහත්වරුන්ද එක්වුහ.
ලෝක ශූරතාවලිය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණි නදීකා ලක්මාලිගේ දක්ෂතා අගයා මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද යුද හමුදා ස්වෙච්ඡා බල සේනාව මින් පෙර කටයුතු කර තිබිණි.



No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.