2013-11-30

ඔව්.... මම උසාවි ගියා

සිරස සුපර් ස්ටාර් සීසන් 3 වටයේ ජයග්‍රාහිකාව, ඒ කියන්නේ ශානිකා මධුමාලි පසුගිය දවසක කුරුණෑගල උසාවියට ආවා. ඒ තරුණයෙක් තමන් පැහැර ගැනීමට උත්සාහ කළා කියලා කුරුණෑගල පොලිස් කාන්තා කාර්යාංශයට ඉදිරිපත් කරපු පැමිණිල්ල විභාගයට ගත්ත නිසා. කාර් සේල් එකක හිමිකරුවකු වන මේ තරුණයා ශානිකාගේ හිටපු පෙම්වතා. සුපර් ස්ටාර් දිනලා ශානිකාට ලැබුණු මෝටර් රථය විකුණන්න භාරදීලා තියෙන්නෙනත් මේ තරුණයාට. හැබැයි තවමත් ඒ මුළු වටිනාකම ශානිකාට ලැබිලා නැහැ. හිටපු පෙම්වතා අතවර කරන්න හැදුවැයි සුපර් ස්ටාර් ගායිකාව උසාවියේ කියලා විවිධ කටකතා සහ වෙබ් අඩවිවලින් වාර්තා වූ නිසා එහි ඇත්ත නැත්ත දැන ගන්න අපි ශානිකාට කතා කළා. ඒ කතාව බොරුවක්. මම කුරුණෑගල උසාවියට ගියා. ඒක ඇත්ත. හැබැයි ඔය පෙම්වතා අතවර කරන්න හැදුවා කියන සිද්ධියක් නිසා නම් නෙවෙයි. මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව ගැන කතා කරන්න එපා කියලා මගේ නීතිඥයන් මට උපදෙස් දීලා තියෙන නිසා ඇත්තටම මොකක්ද වුණේ කියල දේ ගැන දැන්ම මුකුත් කියන්න විදිහක් නැහැ. හැබැයි ජනවාරි මාසේ මගේ නඩුව අවසන් වුණු ගමන් මං උසාවි ගියේ ඇයි කියලා අනිවාර්යයෙන්ම කියන්නම්. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.