අලව්ව ප්‍රාදේශීය සභාවේ 2014 වසරට අදාළ අය වැය ලේඛනය ඊයේ (28 වැනිදා) වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය. ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් මහතා විසින් අයවැය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අය වැයට පක්ෂව ඡන්ද 5 ක් හා විපක්ෂව ඡන්ද 7 ක් ප්‍රකාශ කර තිබිණි.
ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීවරයකු අය වැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළ අතර සභාපතිවරයා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු සමග විපක්ෂ නායක මොහාන් සුජීව වික්‍රමනායක මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනකු අයවැයට පක්ෂව ඡන්ද ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.