කාමරයේ ජනේලයක් අසල නිදා සිටි තරුණියකගේ ළැම පෙදෙස ජනේලයෙන් අත දමා පිරිමැද පලාගිය පුද්ගලයකු මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහැර තිබෙ නවා. නඩුව නැවතත් දෙසැම්බර් මස 19 වනදා කැදවීමටද මොටුව ප්රධාන මහේස්ත්රාත් සහ දිසා විනිසුරු අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.
මොරටුව මොරටුවැල්ලේ පිහිටි නිවසක කාමරයක ජනේලය අසල වූ ඇඳක් මත මෙම තරුණිය නිදා සිටි අවස්ථාවේදී එම ජනේලයෙන් අත දමා මෙම පුද්ගලයා තරුණියගේ ළැම ප්රදේශය මිරිකා ඇත. තරුණිය වහා අවදිව බියෙන් කෑගසා ඇති අතර එම පුද්ගලයා පලාගොසේ ඇත. මෙම පුද්ගලයා අසල පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇත. මෙම තරුණිය තම මව සමග පැමිණ මොරටුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.
ප්රදේශයෙන් පළාගොස් සැඟව සිටි මෙම 30 හැරිදි විවාහකයා දින කිහිපයකට පසු නීතිඥවරයකු සමග පැමිණ පොලීසියට භාරවී තිබෙනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.