2013-11-13

කොතලාවලපුර මහා විද්‍යාලයේ කීර්තියට හානි කළ ගුරුවරිය ඉවත් කරන්නැයි විරෝධතාවක්

රත්මලාන, බප/පිළි, කොතලාවලපුර මහාවිද්‍යාලයේ විදුල්පති වරයා මාරුකරන ලෙස පෙත්සම් ගැසූ හා පාසැල අපකීර්තියට පත්වන අන්දමේ කැලෑ පත්තර ඇලවූ එම පාසැලේම ගුරුවරියක මාරුකරන ලෙස ඉල්ලා පාසැල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය හා දෙමාපියන් අඟහරුවාදා (12) උදෑසන එම විදුහල ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නියැලිණ. මෙහිදී දෙමාපියන් පාසැලේ ප්‍රධාන දොරටු‍ව ඉබියතුරු දමා තිබීම හේතුවෙන් පාසැල් දරුවන්ට, ගුරුවරුන්ට පාසැලට ඇතුළුවීමට පවා නොහැකි වූහ. සිද්ධිය සැලවී‍මත් සමග එම ස්ථානයට පැමිණි ගල්කිස්ස මූල්ථාන පොලිස් පරීක්ෂක වරයාගේ මැදිහත්වීමෙන් පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරියගේ පොරොන්දුව මත පැවැති තත්ත්වය සමතයකට පත් වීමෙන් පසු විදුහලේ ගේට්ටුව විවෘත විණ.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.