2013-11-30

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට අලුතින් ලෑන්ඩ් කෲසර්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා අලූතින් ලෑන්ඞ් කෲසර් ජීප් රථ ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා ජීප් රථ 40ක් දැනටමත් ආනයනය කර තිබෙන අතර ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව ඒවා ලබාදීමට නියමිතයි. 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට ද අලූතින් මෝටර් රථ ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ මෝටර් රථ 50ක් දැනටමත් ඇණවුම් කර ඇතැයි ද ඒවා පාකිස්තානයෙන් නැව්ගත කර ඇතැයි ද සඳහන්. ඉකුත් වසරේදී සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා ද අලූතින් මෝටර් රථ ලබාදුන්නා. පොලිස් නිලධාරීන්ගේ ඵලදායීතාව වර්ධනය කිරීම මින් අපේක්ෂිතයි. පැරණි වාහන භාවිත කිරීමේදී රාජකාරිය දුෂ්කර වන බව ඔවුන් පෙන්වා දී තිබුණා. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.