2013-11-30

ස්කොට්ලන්තයේදී හෙලිකොප්ටර්යක් අවන්හලකට කඩාවැටෙයි

පොලිස් හෙලිකොප්ටරයක් අවන්හලකට කඩාවැටීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර අනතුරක් සිදුව තිබෙනවා. එම හෙලිකොප්ටරයේ තුන්දෙනෙකු රැඳීසිට ඇති බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. අවන්හල තුළ තවත් 120ක පමණ පිරිසක් රැඳීසිට තිබෙනවා. කෙසේවෙතත් අනතුරින් කිසිවෙකු හෝ මියගියේ දැයි තවමත් තහවුරු වී නැහැ. තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යමින් තිබෙනවා. තවත් පිරිසක් අවන්හල තුළ සිරවී සිටින බවයි බී.බී.සී. ලෝක සේවය වැඩිදුරටත් කියා සිටියේ. 
--------------------------------------------------------------------------------
UPDATE
ග්ලාස්ගෝ නුවර අවන්හලකට හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් හය දෙනෙකු මියගොස් තවත් තිස් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මම සිදුවීම අද අලුයම් කාලයේදී සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. සිද්ධිය ඇසින් දුටුවකු චිකාගෝ ට්‍රිබියුන් වෙබ් අඩවියට කියා සිටියේ සිකුරාදා රාත්‍රී 1025ට පමණ මෙම අනතුර සිදුවූ බවයි. එකවරම විදුලියක් ආකාරයෙන් හෙලිකොප්ටරය අවන්හල වෙත කඩා වැටුණු බවත් ඔහු පවසනවා.
කෙසේ වෙතත් ස්කොට්ලන්ත පොලීසිය පවසන්නේ එක් අයෙක් පමණක් මියගොස් ඇති බවයි. 







No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.