2013-11-30

අනුරපුරයේ ව්‍යාජ කච්චේරියක් පොලීසියෙන් වටලයි

අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර ප‍්‍රදේශයේ නිවසක ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අනුරාධපුර පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාච්චල්දූව ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු හැටඅට හැවිරිදි අයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකරුගේ නිවසේ තිබී අනුරාධපුර හිටපු ප‍්‍රාදේශීය ලේකම්වරයෙකුගේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක් ඇතුලූ ව්‍යාජ ලියකියවිලි රැසක් සොයා ගෙන තිබෙනවා.  

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.