නිෂ්පාදන කටයුතු අඩුවීම නිසා වසා දැමීමේ තත්ත්වයට පත්ව තිබූ වාලච්චේන කඩදාසි කම්හලේ සේවක පිරිසට ගෙවීමට ඇති හිඟ අර්ථ සාධක සහ පාරිතෝෂික රුපියල් විසි කෝටිය (20,00,00,000) බේරුම් කර කම්හල සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය චීනයේ නෝරින් ඩිවෙලොප්මන්ට් සමාගම සමඟ ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වනවා.
ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියනවල මහතා චීන සමාගම සමඟ එළැඹි ගිවිසුමට අනුව වාලච්චේන කම්හල සංවර්ධනය කරමින් සේවක හිඟ දීමනාද බේරුම් කර නිෂ්පාදන ප්‍රවර්ධන කිරීම සඳහා රුපියල් හැටපන් කෝටියක් කඩදාසි සමාගමට ආයෝජනය කෙරේ.
පසුගියදා පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සමුළුවට පැමිණි චීන දූත පිරිසක් වාලච්චේන කම්හල පරීක්ෂා කිරීමෙන් පසුව මෙම ආයෝජනයට කැමැත්ත පළ කර ගිවිසුමට එළැඹි ඇත.
ආයෝජනය කෙරෙන මුදලින් කම්හල් කාර්යාලය සේවක නිල නිවාස සහ යන්ත්රසූත්ර සංවර්ධනය කෙරේ. සංවර්ධනය කළ විට දෛනික නිෂ්පාදනය මෙට්රිරික්ටොන් සියය දක්වා නැංවිය හැකි බවට අපේක්ෂ කරනවා.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.