බොලිවුඩ් චිත්රපට ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කළ ගීතය හැටියට "ඩූම් - 3 " චිත්රපටයේ අමීර් කාන් හා කත්රිනා කයිෆ් රඟන ‘මාලංග්’ ගීතය සැලකේ. මිනිත්තු කිහිපයක ගීතයක් වූ එයට වියදම් කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5ක් හෙවත් ශ්රී ලංකා රුපියල් කෝටි දහයමාරක පමණ මුදලකි.
නර්තන ශිල්පීන් 200ක් වේදිකාවට කැඳවා මෙම ගීතය රූගත කර ඇති බවත් ඔවුන්ගේ ඇඳුම් ආයිත්තම් ආදිය සඳහා විශාල පිරිවැයක් දැරූ බවත් වාර්තා වේ. මෙම ගීතය සඳහා දින 20ක් පුහුණුවීම් කළ බවද වාර්තා වේ.
ලබන දෙසැම්බරයේ තිරගතවීමට නියමිත ඩූම් 3 චිත්රපටය ගැන දැනටමත් ඉන්දියාවේ ප්රචාරණයන් අරඹා ඇති අතර එයින් විශාල ආදායම් අපේක්ෂා කරන බව එහි නිෂ්පාදකවරු පවසයි.
එසේම මේවන විට අමීර් හා කත්රිනාගේ චිත්රපට චරිතයේ අනුරූ සහිත බෝනික්කන්ද නිකුත් කර තිබේ.
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.