කහවත්ත පෝරෝණුව වතුයායේ පුද්ගලයෙකු තම බිරිඳට සහ නැන්දණියට මන්නා පිහියකින් කළ පහරදීමකින් නැන්දණිය ජීවිතක්ෂයට පත්ව, බිරිඳ බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා. අද පෙරවරුවේ නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව තිබෙනවා. මියගිය කාන්තාව 51 හැවිරිදි වියේ පසුවූ අතර, සැමියාගේ පහරකෑමෙන් තුවාල ලබා සිටින්නේ 38 හැවිරිදි කාන්තාවක්. මෙම කාන්තාව විදේශගතව සිට යළි මෙරටට පැමිණ ඇත්තේ මීට සතියකට පමණ පෙරයි. සැකකරු මේ වන විට කහවත්ත ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
2013-11-16
සැමියාගේ මන්නා පහරින කහවත්තේ දී බිරියක් මරුට
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.