2013-11-17

විශ්වගේ කලාවට සම්බන්ධයක් නැති අලුත් ආරංචිය කුමක් විය හැකිද?

"මා ගැන රංගනයට සම්බන්ධ නැති අලුත් ආරංචියක්‌ දැනගන්න ලැබෙයි." කියලා පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌ වන විශ්ව කොඩිකාර පසුගිය සතියේ මාධ්‍යයට පවසලා තිබුණා. ඒ විතරක්‌ නෙවෙයි මේ ගෙවෙන්නේ විශ්වගේ ජීවිතේ හොඳ කාලයක්‌ කියලා බොහෝ දෙනෙක්‌ කියනවලු. ඒක බොරුවක්‌ නෙමෙයි කියලා පසුගිය දිනවල විශ්වට ලැබුණු ජනප්‍රියතම නළුවාට හිමි සුමති සම්මානයත් සමග ඕනම කෙනෙකුට තේරෙනවා. ඒක නිසා කාලෙනම් නරක්‌වෙන්න බැහැ. ඒත් එයා අර කලින් කියල තිබුණු අලුත් ආරංචිය නම් ටිකක්‌ අමුතුයි වගේ. මේ දවස්‌වල ටිකක්‌ පෙම්පාටක්‌ වැටිලා තියෙන නිසා දෙසැම්බර් මාසේ පස්‌වෙනිදා විතර සිනමන් ලේක්‌සයිඩ් හෝටලේ තියෙන විවාහ මංගල්‍යය ගැනද මෙයා මේ කිව්වේ කියලා අපට පුංචි සැකයක්‌ මතුවුණා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.