2013-11-07

මංගල ටෙස්ට් තරගයේදිම රෝහිත් ශර්මාගෙන් ශතකයක්

සිය මංගල ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදීම ශතකයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ශර්මා අද සමත් වුණා. ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉන්දිය කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන්. දිනය නිමාවන විට රෝහිත් ශර්මා එක් 06 පහරක් සහ 04 පහර 16ක් සමග නොදැවී ලකුණු 127ක් රැස්කර ගෙන සිටියා. ඔහුට අනඟි සහයක් ලබාදුන් රවීචන්ද්‍රන් අස්වින් නොදැවී ලකුණු 92යි. ලකුණු 156කට කඩුළු 06ක් බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවු ඉන්දිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහලට ඔසවමින් ඔවුන් දෙදෙනා අතර හත්වැනි කඩුල්ල සඳහා ගොඩනැගුණු සබඳතාවය ලකුණු 198ක්. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.