2013-12-04

අමෙරිකාව පැරද්දූ ශ්‍රී ලංකාව සිංගප්පූරුව ඉදිරියේ දණ නමයි

සිංගප්පූරුව හමුවේ ශ්‍රී ලංකා දැල්පන්දු පිල 60 - 43 ලෙස ඊයේ සිංගප්පූරුවේ පැවැති නේෂන් කප් තරගාවලියේදී පරාජය වුණා. ප්‍රථම තරගය පැපුවා නිව්ගිනියාවට පැරදුන ශ්‍රී ලංකා පිල සඳුදා ඇමරිකාවට එරෙහි පහසු ජයක් ලබා ඊයේ සත්කාරක සිංගප්පූරු පිල හමුවේ 60 - 43 ලෙස පරාජය වීම තුළ ශ්‍රී ලංකා පි‍ලේ සැලසුමක් නැති ක්‍රීඩා විලාශය හොඳින් සනාථ වන බව සිංගප්පූරුවේ සිටි ප්‍රවීණ ක්‍රීඩා විචාරකයන් පවසනවා. 
මුල් තරග කාර්තු තුන 21-11, 13-10, 16-8, ලෙස සිංගප්පූරව ජය ලැබූ ඇතර අවසන් කාර්තුව පමණක් ශ්‍රී ලංකා පිල 14-10 ලෙස ජයග්‍රහණය කිරීමද කැපී පෙනුනද ශ්‍රී ලංකා පිල මුල සිටම හොඳින් පාලනය කිරිමට සිංගප්පූරු පිල සමත්වූ බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් සිංගප්පූරු පිල ප්‍රවීණ නවසීලන්ත පුහුණුකාරිය යටතේ පුහුණුව ලබා ඔස්ට්‍රේලියාවේ පෙර පුහුණුවකද යෙදෙමින් ලැබූ අත්දැකීම් තුල අඩු සැලසුමකින් තරගාවලියට ගිය ශ්‍රී ලංකා පිල පරාජය කිරීම කැපී පෙනුණි.
අද ශ්‍රී ලංකා පිල අයර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි. 

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.