2013-12-04

ඥාති පුතා සමග යමින් සිටි කතක් සමූහ දූෂණයකට ලක්වේ

ති‍්‍රරෝද රථයකින් හා යතූරුපැදියකින් පැමිණි පිරිසක් ඥති පුතකු සමඟ යතුරු පැදියකින් යමින් සිටි කාන්තාවකට තර්ජනය කොට ඇගේ රන් භාණ්ඩ කොල්ලකා අසල කැලයකට ගෙන ගොස් දූෂණය කර ඇති බව වාර්තා වනවා. හය දෙනකූගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඇයගේ රන්මාලය හා රුපියල් තිස්දහසක මුදලක් කොල්ලකා එම කාන්තාවට හිරිහැර කළ බවට පොලීසියට පැමිණිලි කර ඇත.
සිය මාමාගේ පුත‍්‍රයා සමඟ එම කාන්තාව මෙලෙස ගමන්ගෙන ඇති අතර ඔවුන් යතුරුපැදියේ ගිය ආකාරය මැර පිරිස විසින් ඡායාරූපගත කළ බව ද පැමිණිල්ලේ සඳහන්ව ඇත. ඥති පුත‍්‍රයාට ද මැර පිරිස හිරිහැර කර ඇතැයි කාන්තාව පවසා තිබෙනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.