2014-01-09

ලක්ෂ 261කට විද්ද රේගු නිලධාරියා CID අත්අඩංගුවට

රුපියල් ලක්‍ෂ 261 ක මූල්‍ය වංචාවක්‌ සිදුකළ රේගු දෙපාර්තමේන්තුවේ වැටුප් අංශයේ නිලධාරියෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන්ට වැටුප් ගෙවීමේදී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිව තිබෙනවා. සැකකරු වසර 5 කට ආසන්න කාලයක සිට රේගු දෙපාර්තමේන්තුවේ වැටුප් ගෙවීම් අංශයේ සේවයකර ඇති බව පොලිසිය පවසන්නේ. 
මොහු එම කාල සීමාවේ රේගු නිලධාරින්ට වැටුප් ගෙවීමේදී පරිගණක දත්ත වෙනස්‌ කරමින් තම බැංකු ගිණුමකට මුදල් බැර කරගෙන ඇති බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මාස කීපයක්‌ තිස්‌සේ කළ විමර්ශනවලදී මෙම මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවුණා.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

No comments:

Post a Comment

මෙම පුවත ගැන ඔබට දැනෙන දේ කුමක්ද? එය කුමක් වුවත් කම් නැත. එය මෙහි සටහන් කර යන්න.... එය අපට මහත් ආශීර්වාදයකි.